මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු බවට පත්ව මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාවක් ලබාදීම හරහා නීතියේ ආධිපත්‍යයට වල කැපීමක් සිදු කර ඇති බවට මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය පවසනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට පත්ව සිටි පිරිසකට සමාව ලබා දීම අනුමත කළ හැකි නමුත් මිනීමැරුමක් සම්බන්ධයෙන් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරු කළ අයෙක් හට සමාව ලබාදීම අනුමත කළ නොහැකි බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙනවා.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති