ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෙවර 2021 “බ්ලූ ප්ලැනට් ත්‍යාගය” ට තෝරාගෙන තිබේ.
පාරිසරික නොබෙල් ත්‍යාගය හා සමානව සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන “බ්ලූ ප්ලැනට් සම්මානයට” ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වයි.
බ්ලූ ප්ලැනට් ත්‍යාගය මේ වසරේ දී පිරිනැමෙනුයේ 30 වන වරටය.
ඒ අනුව 2021 වර්ෂය සඳහා සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුනසිංහ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී. රාමනාදන් යන මහතුන් සම්මානලාභීන් ලෙස තෝරාගෙන තිබේ.
ගෝලීය පාරිසරික ගැටලු විසඳීම සඳහා සිදු කර ඇති විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය මේ විද්‍යාඥ දෙපළට ලබා දී ඇත.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්