ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී ඇත .
ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති කමිටුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත .
ඇමතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම ,උදය ගම්මන්පිල, ලසන්ත අලගියවන්න යන මහත්වරු ද ,ගෑස් සමාගම් දෙකේ ප්‍රධානීහු සහ වෙළඳ අමාත්‍යාංශයේ හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ.
ඩොලරයේ අගය ඉහළ යාමත් ,ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කාරණා මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහිදී පෙන්වා දී ඇත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති