බංග්ලාදේශයේ පැවති තරඟයක් අතරතුර විනිසුරු ලබා දුන් තීරණයට එරෙහිව පිටිය මැද ප්‍රකෝපකාරී වෙමින් අශෝබන ලෙස හැසිරුණු ශකීබ් අල් හසන් ට ඩකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ තුනක තහනමක් සහ මුදලින් ලක්ෂ 5ක දඩයක්ද නියම කර තිබෙනවා.

තරඟය අතරතුර විනිසුරු ලබා දුන් තීරණයට එරෙහිව වූ ශකීබ් විරෝධය පළ කළේ පිටියේ විනිසුරුවරයාට බැනවදිමින් සහ එම අන්තයේ තිබූ කඩුල්ලට ද දැඩි ආවේගයෙන් යුතුව පා පහරක් එල්ල කරමින්.

පසුව ඔහු යළිත් වරක් පිටියේ විනිසුරුන්ට බැනවදිමින් කඩුල්ලේ ඉනි තුනම ගලවා පොළොවේ ගසා සිය විරෝධය පළ කළේ තරඟය වර්ෂාව හේතුවෙන් අත්හිටුවන්නට විනිසුරුවරුන් විසින් ගත් තීරණය හේතුවෙන්.

By Widane

WP Twitter Auto Publish Powered By : XYZScripts.com