අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ නීතිවිරෝධීව මත්පැන් පෙරමින් සිටිය දී ඒ සඳහා භාවිත කළ මත්පැන් බැරලයක් පුපුරායෑමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
53 හැවිරිදි මල්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක් මෙලෙස මියගොස් ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.
ඊයේ (11) අලුයම් කාලයේ මෙලෙස නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටි පිරිසක් අනතුරට මුහුණපා ඇති බව සමන්තුරේ පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති