අනුරාධපුර සතොස අලෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අලෙවි සැලට මුද්‍රා තබා තිබියදී නීති විරෝධී ලෙස විවෘත කර මත්පැන් අලෙවි කළ අවස්ථාවේදී එහි සී.සී.ටී.වී. කැමරා පද්ධතිය අකීය කර ඇතැයි ලංකා සතොස ආයතනයේ ප්‍රධානියෙක් පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව සහ සතොස යන ආයතන තුන වෙන වෙනම පරීක්ෂණ පවත්වන බවත් සතොස විමර්ශන ඒකකය කළ පරීක්ෂණයේ අතුරු වාර්තාවක් හෙට ලැබීමට නියමිත බවත් එම නිලධාරියා කියයි.
එම අතුරු වාර්තාව ලැබීමෙන් පසු මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව තාවකාලික විනය පියවරක් ගන්නා බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති