කොවිඩ් අර්බුදය පවතින මෙම අවස්ථාවේ බිත්තර නිෂ්පාදකයන් ගම්වලට ගොස් බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන්නේ නම් රට තුළ බිත්තර අතිරික්තයක් ඇති නොවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් පවසයි.
ලංකාවේ ඕනෑම ගමකට ගොස් බිත්තර අලෙවි කිරීමේ බලය බිත්තර ප්‍රවාහකයින්ගේ සංගමයට ලබා දී ඇති බවත්, බිත්තර අතිරික්තයක් තිබෙන බවට බිත්තර නිෂ්පාදකයන් රජයට ඇඟිල්ල දික්කිරීමෙන් පලක් නොවන බවද ඇමැතිවරයා කීවේය.
කුකුල් මස් නිෂ්පාදනය සඳහා වැය වන වියදම ඉහළ ගොස් තිබෙන බවත්, කුකුළු මස් මිල පාලනය කිරීම සම්බන්ධව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු කීය.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු