සුඛෝපභෝගී මෝටර් රථයකින් මහනුවර හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදා හරිමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය පවසයි.
රුපියල් ලක්ෂ 22 ක මුදල් හා මත්කුඩු ග්‍රෑම් 60 ක් ඔවුන් සමඟ සිය බාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.
මෙම යුවළ මත්කුඩු ජාවාරමේ යෙදි ඇත්තේ අසනීප තත්ත්වයේ පසුවන පස් හැවිරිදි දරුවා රෝහල් ගත කරන්නට රැගෙන යන බව පවසමින් බව පොලිස් විමර්ශන වලදි තහවුරු වු බවද පොලිසිය කීවේය.
සංචරණ සීමා පනවා තිබියදී පොලීසිය නොමග යෑවිම පිණිස මෙම යුවළ පස් හැවිරිදි දරුවා රෙද්දකින් පොරවා තැනින් තැනට ගමන් කරමින් ජාවාරම ක්‍රියාත්මක කර ඇති අතර වාහනයේ සිටියදී පොලීසිය බාරයට ගත් දරුවා හතළිස් හැවිරිදි කාන්තාවගේ පළමු විවාහයේ දරුවකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මහනුවර අවට පදිංචිකරුවන් වු තිස්නව හැවිරිදි සැකකාර කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන අනෙක් සැකකරු මහනුවර හෝටලයක නවාතැන් ගෙන මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් පරීක්ෂණ මගින් හෙළිව ඇතැයි ද පොලීසිය කීවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති