ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වී ඇතැයි ද ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයකු ඊට සම්බන්ධ යැයි ද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් ඩෙල්ටා ප්‍රභේදය ( ඉන්දීය ප්‍රභේදය) හඳුනාගෙන ඇතැයි ද ඒ පිළිබඳ සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයකුගෙන් එලෙස එම ප්‍රභේදය රටට ඇතුළු වී ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.
ශ්‍රී ලංකාවේ පැතිර යන සම්ප්‍රේෂණ හැකියාව ඉහළ මෙම ප්‍රභේදය හේතුවෙන් ප්‍රජාවකට වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ද විශේෂඥයන් උපුටා දක්වමින් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මැයි 8 වැනිදා ය.
ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේදීම ඔහුට බී.1.617.2 ප්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඉන් පසුව ඔහු හෝටල් නිරෝධායනයට යොමු කර ඇත.
ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන් වී ඇත්තේ මැයි මස 23 වැනිදා ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්