රොටි සෑදීම සඳහා නිෂ්පාදනය කරනු ලබන පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ඊයේ (01 වැනිදා) සිට රුපියල් හතරකින් ඉහළ නංවා ඇති බව ප්‍රීමා තිරිඟු පිටි සමාගමේ ඒජන්තවරු කියා සිටිති.
මෙම රොටි පිටිවලින් ආපනශාලා හිමියන් කොත්තු රොටි, පොල් රොටි, අල රොටි, බිත්තර රොටි, පිට්ටු, ඉඳි ආප්ප සහ පරාටා වැනි ආහාර ද්‍රව්‍ය පිළියෙල කරනු ලබයි.
රොටි පිටි කිලෝ පනහක මිටියක් මීට ප්‍රථම රුපියල් දෙදහස් එකසිය පනහකට අලෙවි කෙරිණි.
නව මිල අනුව රොටි පිටි කිලෝ පනහක් සහිත මිටියක් රුපියල් දෙදහස් තුන්සිය පනහකට අලෙවි කිරීමට සිදුවන බව ප්‍රීමා තිරිඟු පිටි අලෙවි නියෝජිතයන් පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්