වෙසක් පොහොය යෙදෙන හෙට (26දා) සහ අනිද්දා (27දා) දිනවලදීද වැඩි අවදානම් ප්‍රදේශවල ජනතාවට අවශ්‍යතාව මත කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හමන්ත හේරත් අරුණට පැවසීය.
ඔහු සඳහන් කළේ එන්නත් ලැබෙන පිළිවෙල අනුව අනෙකුත් ප්‍රදේශවල ජනතාවටද එන්නත් කිරීම සිදුකරන බවය.
පෙරේදා(24) වන විට කොවිෂිල්ඩ් එන්නත දෙවන මාත්‍රාව 330,988 සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා පළමු මාත්‍රාව 514,259ක්, ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව 14,984 ලබාදීමට කටයුතු කර තිබුණි.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට