උතුරු අන්දමන් ප්‍රදේශයේ හටගෙන ඇති කැලඹිලි ස්වභාවය හේතුවෙන් මේ වන විට සුළි කුණාටුවක් දක්වා නිර්මාණය වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
එමෙන්ම අද (22) සිට නැවත දැනුම් දෙනතුරු, ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ දිවයින වටා මුහුදේ ධීවර සහ නාවික කටයුතු නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.
දැනට ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් වැසි සහ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර පැ.කි.මී 50 -60ත් අතර සුළං ඇති වේ.
එමෙන්ම සුළි කුණාටුවේ ඍජු බලපෑමක් දිවයිනට නොමැති වුවත් ලංකාව ආශ්‍රිත පහළ සහ මධ්‍ය වායුගෝලීය සුළං රටා වෙනස් විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
- aruna news
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්