මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැනවීම සිදුවන අතර එය ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
අනතුරුව මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වන දා අලුයම 4.00 තෙක් නැවත සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තවද සංචරණය ලිහිල් වන 25 වන දින ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි බව ද සඳහන් කරයි.
සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතින අතර අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවේ.
යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ වෛරස ව්‍යාප්තිය සහ වෙසක් සතිය නිමිත්තේ සිදුවන මහජන ඒකරාශිවීම් වැළැක්වීම අරමුණු කර එම පියවර ගත් බවය.
- Aruna news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති