තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම ඇඟලුම් කම්හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.
මෙම පරීක්ෂණ අක්‍රමවත්ව සිදු කර ඇති හෙයින් ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.
ඉන්පසු එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇති අතර බදාදා (19 වැනිදා) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත.
දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.
මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.
දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර ඇති බවද හෙළි වී තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති