කොළඹ නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නියමු ව්‍යාපෘතිය අද (06දා) හයිලෙවල් මාර්ගයෙන් ආරම්භ කළ බවයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ගුවන් හමුදාවේ සහාය ඇතිව ඩ්‍රෝන කැමරා ඈත ප්‍රදේශයකට යවා වාහන ගමනා ගමනය පිළිබඳව තොරතුරු රැස්කරගෙන ඒ හරහා වාහන ධාවනය විධිමත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
ඉදිරියේදී මාර්ග තදබදය වැඩියෙන් ඇති නුවර පාර , පාර්ලිමේන්තු පාර යන මාර්ගවල මෙම තාක්ෂණය යොදා ගැනීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති