ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්රයෙන් ඉහළ යාමට හේතුව ද්විත්ව කොවිඩ් ප්‍රභේදයක් බව එරට විද්‍යාඥයින් පවසන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පසුගිය මාර්තු මාසයේ දී එය පළමු වරට එරටින් හමු වී ඇති අතර එය B.1.617 ලෙස නම් කර ඇත.
ඉතා දරුණු ලෙස කොවිඩ් වෛරසයෙන් බැටකන ප්‍රාන්ථවල හමුවූ රෝගීන්ගෙන් එම විකෘති ප්‍රභේදය හඳුනාගෙන තිබේ.
ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් ගණන ඊයේ (05) ඉන්දියාවෙන් වාර්තා වී තිබුණි.එම ගණන දැක්වුණේ 412,618ක් ලෙසයි.
රටපුරා කොවිඩ් පරීක්ෂාවන් සිදුකිරීම මන්දගාමී වී ඇති පසුබිමක පවා එරටින් මෙතරම් දෛනික ආසාදිතයින් වාර්තාවීම විශේෂත්වයක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්