කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දුන්නේය.
එම පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත්ව ඒ පනත් කෙටුම්පත ලබන 18 හා 19 යන දිනවල විවාද කර සම්මත කර ගැනීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (5)පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රමාදය නිසා එය එදින පැවැත්වීමට නොහැකි විය .
- Lankadeepa news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති