බලන්ගොඩ පළමු කොරෝනා මරණය ලෙස හැත්තෑ හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බවට 04 දා වාර්තා වන බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.
බලන්ගොඩ පොල්වත්ත හංදිය තැන්න හේන මාර්ගයේ පදිංචිව නැමැති (70) හැවිරිදි විවාහක කාන්තාවක මෙලෙස කෝවිඩි 19 වසංගතය ආසාදනය විමෙන් මියගොස් ඇතැයි බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ.
ඇය ඉකුත් 02 වැනිදා නිවසේ සිට ගෙවත්තට යන අතර තුර ක්ලන්තය හටගෙන ඇඳ වැටි තිබෙන අතර බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන විටද මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
මෘත දේහය සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේ දි පි.සි.ආර්. පරික්ෂණ සිදු කර තිබෙන අතර ඇයට කොරෝනා වෛරස අාසාදනය විම හේතුවෙන් මියගොස් ඇති බවට තහවුරු වි තිබෙි.
- lanka C news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති