ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින එකක් වන අතර එහි සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු එම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පැවසීය.
ඊයේ (04) සවස 5.30ට පමණ එම අනතුරු සිදුව තිබුණේ කොල්ලුපිටිය මල්පාර ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක් තුළදීය.
මියගිය පුද්ගලයා කොතලාවලපුර රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති