ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති නුෂාඞ් පෙරේරා මහතා පවසයි.
ඉල්ලා අස්වීමේ ලිපිය තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට පසුගිය අපේ‍්‍රල් මස 19 වැනිදා බාර දුන් බවත් පසුගිය 30 වැනිදා පැවැති අවසන් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් ඉවත් වූ බවත් නුෂාඞ් මහතා පැවසීය.
රජයේ උසස් දේශපාලන නායකයන් ද දැනුවත් කරමින් තනතුරෙන් ඉවත් වූ බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වන බවත් නුෂාඞ් මහතා කීය.
ඒ මහතා මීට පෙර සතොස සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති