තරමක් විශාලත්වයකින් යුත් විශාල වර්ගයේ ඩ්‍රෝනා කැමරාවක් සමග එක් අයකු මැදිරිගිරිය නව නගරය ඇළ හන්දිය ප්‍රදේශය ප්‍රදේශයෙන් සොයාගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
සැකකරු එම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිද විවාහකයෙකි.
කිලෝ හතරක් පමණ බරැති මෙම ඩ්‍රෝන කැමරාව මගින් කිලේ තුනක පමණ බරක් උසුලාගෙන මීටර් 1000ක් 1500 පමණ ඉහළට පියාසර කළ හැකි බව ද පොලිසිය සඳහන් කරයි.
කිලෝ මීටර් අටක් පමණ දුරට මෙම කැමරාව දුරස්ථ පාලක මගින් පාලනය කළ හැකි අතර දෙදෙනකුට එය ක්‍රියාත්මක කළ හැකි බව ද පොලිසිය කියයි
රුපියල්ල ලක්ෂ 10ක් පමණ වටිනා මෙම ඩ්‍රෝන කැමරාව මීට මාස හතරකට පමණ පෙර රුපියල් 185000කට මිලදි ගත් බව සැකකරුගෙන් කළ මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇත.
සැකකරු මෙම ඩ්‍රෝනා කැමරාව ගුවන් ගත කිරීමට සූදානම් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
- Lankadeepa news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති