කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වීම සැලකිල්ලට ගෙන අද (30) දින සිට ලබන මස 09 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල අධිකරණයේ කටයුතු කරන සියළුම නීතීඥවරුන්ගේ සහ සේවාදායකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
මේ බව කුරුණෑගල අධිකරණයේ කටයුතු කරන සියළුම විනිසුරුවරුන්ට, රෙජිස්ට්‍රාර්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බවද නීතීඥ පියුමාල් හේරත් මහතා පැවසීය.
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට ඇගේ පවුලේ සාමාජිකයෙකුගෙන් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.
- lankadeepa news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති