වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවය.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත් අනෙක් පළාත්වල පාසල් පෙර පරිදි හෙට (27) දිනයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර රජයේ තීරණය අනුව යමින් බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරයි.  

  • ada derana news

By Widane

WP Twitter Auto Publish Powered By : XYZScripts.com