ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් ප්රභේදයන් පහක් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු හෙට (27 වැනිදා) ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
මෙම පරික්ෂණය කිරීම සඳහා නව පරීක්ෂණ කට්ටලයක් කොරියාවේ සිට ගෙන්වන බවත් එය හෙට(27) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව නව ප්‍රභේද සොයාගැනීමේ පරික්ෂණයන් හෙට (27 වැනිදා) දිනයේදීම ආරම්භ කර එදිනම වාර්තාවන් ලබා ගැනීමට කටයුතු කෙරෙනු ඇත.
මෙරට පැතිර යන කොවිඩ් නව ප්රභේදයන් පිළිබඳව මෙම පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල මත පැහැදිළි විස්තරයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- Aruna news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති