වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ගාල්ල – උඩුගම මාර්ගයේ මාදොල වංගුවේදී පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.
අක්මීමන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබෙන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ,ඉන් 05 දෙනෙකු යතුරුපැදි අනතුරුවලින් මිය ගොස් ඇති බවය.
පවත්නා වැසි සහිත කාලගුණය හමුවේ , රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාවක් ඇති අතර විමලිසිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.
- Aruna news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති