ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක ඊයේ (24) රාත්‍රී සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
මොවුන් රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරීම සිදුව තිබෙන බව වාර්තා වී ඇත.
එම පිපිරීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරුණයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර අනතුරින් එක් තරුණයෙකුගේ අතට බරපතළ තුවාල සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
- Aruna
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති