ලොව උසින්ම පිහිටි ස්ථානය වන නේපාලයේ එවරස්ට් කන්ද තරණය කරමින් සිටි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු නෝර්වේ ජාතික කඳු නගින්නෙකු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම පුද්ගලයා එවරස්ට් තරණය කිරීමට පැමිණ දින 06 කට පසු රෝගාතුර වීම නිසා හෙලිකොප්ටරයක් ආධාරයෙන් නේපාලයේ කත්මන්ඩු අගනුවර රෝහලක් වෙත රැගෙන විත් තිබෙනවා. එහිදී සිදුකළ පරීක්ෂණවලදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබේ.
මේ අතර ඔහුගේ සහායක කඳු නගින්නෙකු ලෙස කටයුතු කළ නේපාල ජාතිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.
https://www.itij.com/latest/news/covid-mt-everest-recipe-disaster
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්