සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිතුමාට භාරදීමට නියමිතව තිබෙනවා.
ඒ, එම කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රමුඛ සාමාජිකයින් විසින්.
ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළා.
අදාළ වාර්තාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නා.
එහි පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා වෙත ද භාර දී තිබෙනවා.
MCC ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව එම කමිටුව පත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.
විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මාස 6 ක අධ්‍යයනයකින් පසු කමිටුව මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්