අන්තවාදයට සම්බන්ධ වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ආරම්භ කිරීමට යන පුනරුත්ථාපන ක්‍රමවේදයට එරෙහිව නඩු පැවැරීම සඳහා විදෙස්ගත ඉස්ලාමික රාජ්‍ය නොවන සංවිධාන මගින් මුදල් ලබාදී ඇතැයි අනාවරණය වී ඇත.
රජය මගින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තෝරාගත් පිරිසක් පුනරුත්ථාපනය කිරීමට පියවර යොදා තිබිණි. මේ අනුව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා යටතේ වව්නියාවේදී පුහුණුව ලබාදීමට මේ වන විට සියලු කටයුතු යොදා ඇත.
එසේ තිබියදී රාජ්‍ය නොවන සංවිධානවලින් ගලා ආ අරමුදල් යොදාගෙන රජයේ මෙම ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්ට මූලික අයිතිවාසිකම් කඩකරන බවට චෝදනා නගමින් නඩු පැවැරීමට කටයුතු යොදාගෙන යන බව ආරක්ෂක අංශ වෙත හෙළි වී තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති