ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම දෛනිකව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.
ඊයේ (20) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 294290ක් සහ මරණ 2020ක් ඉන්දියාවෙන් වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 15,616,130ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 182,570ක් වේ.
එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය කොවිඩ් ව්‍යාප්තිය සීග්‍රලෙස ඉහළ ගොස් ඇති අතර, එම ප්‍රාන්තයේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටින බවයි.
රෝහල් කරා පැමිණෙන කොවිඩ් ආසාදිතයින් නැවත හරවා යැවීමට සිදුවන තත්ත්වයක් දක්වා කොවිඩ් මධ්‍යස්ථාන ජනතාවගෙන් පීරී ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්