2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම කිරුළ නිල වශයෙන් අත්හැරීමෙන් පසු අයර්ලන්තයේ කේට් ෂ්නයිඩර් නව ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්කර තිබෙනවා.
ලෝක විවාහක රූ රැජිණ සංවිධානය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්.

2019 වසරේ දෙසැම්බර් මාසයේ අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජිණ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි කිරුළ දිනාගත් අතර දෙවන ස්ථානයට පත්වූයේ අයර්ලන්ත විවාහක රූ රැජිණ ලෙස තරගයට ඉදිරිපත්වූ කේට් ෂ්නයිඩර්.
පසුගිය 09 වනදා නෙලුම් පොකුණ රගහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ නොසන්සුන් සිද්ධියට මැදිහත්වීමත් සමග තමන් ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත් හරින බවයි කැරොලයින් ජූරි නිල වශයෙන් නිවේදනය කලේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්