ඥාතියකුගේ බැංකු ක්‍රෙඩිට් කාඩ් පත සොරකම් කර එමගින් සුපිරි වෙළෙඳසල්වලින් අලුත් අවුරුද්ද සඳහා රුපියල් අනූ දෙදහසක් පමණ වටිනා සිගරට් හා රෙදි පිළි මිලදී ගත් බව කියන විසි හතර හැවිරිදි තරුණයෙකු බියගම පොලිසිය මගින් බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අවස්ථාවේ එම තරුණයා ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසිය දාහතරක් (ග්‍රෑම් 2 .214 ක් ) ද පොලිස් භාරයට ගනු ලැබීය.
එහි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ විසින් එම වෙළෙඳසල් හා අවට සවි කර තිබෙන සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු නිරීක්ෂණය කොට මොහු මෙසේ අත්අඩංගුවට ගැනීමට ගෙන ඇත. තවද එම තරුණයා අපරාධ චෝදනා සම්බන්ධව අධිකරණය මගහැරීම නිසා විවෘත වරෙන්තු තුනක් අධිකරණයෙන් නිකුත් කර තිබූ බවට ද හෙළිදරව් විණි.
බියගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ, සැරයන් අල්විස් (26942) හා පො.කො. ගුණරත්න (37826) යන නිලධාරීහු ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ වැටලීම කළහ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති