සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරු සහ සිය කාර්ය මණ්ඩලය හමු විය.
අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.
උදාවූ සිංහල, දෙමළ අලුත් අවුරුද්දට මැති ඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සුබ පැතුම් එක් කළ ජනාධිපතිතුමා පිරිස සමග සුහද කථා බහක නිරත විය.
ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබූ තේපැන් සංග්‍රහයට ද ජනාධිපතිතුමා ඇතුළු පිරිස එක් වූහ.
මැති ඇමතිවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති අතිරේක ලේකම් (පාලන හා මෙහෙයුම්) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.









- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්