මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන පුරාවිද්‍යා ස්ථාන අගෝස්තු 01 වැනි දා සිට යළි විවෘත කිරීමට අවසර දෙන්නැයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මේ යටතේ යාපහුව, දඹුල්ල, සීගිරිය ,අභයගිරිය හා ජේතවනාරාමය ඇතුළු පුරාවිද්‍යා ස්මාකර ඇතුළත් කලාප යළි විවෘත කරන බවය.
මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලු කෞතුකාගාර විවෘත කර තිබෙනවා. නමුත් ඒවා නැරඹිය හැක්කේ, අධ්‍යයන අවශ්‍යතා සඳහා පමණි.
මේ අතර අගෝස්තු 01 වැනි දා සිට ජාතික කෞතුකාරගාරය නැවත විවෘත කිරීමට ද අවසර ඉල්ලා ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්