ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
පාරිභොගික අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 ක්, කිලෝ 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 597 ක් සහ කිලෝ 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 298 ක් ලෙසම පවතින බවත් ඒ අනුව කිසිඳු මිල වැඩි වීමක් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලාෆ් සහ ෂෙල් යන සමාගම්වල කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 1501 කි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්