කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් අතර අද (19 වැනිදා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් පැවැත්වේ.
මතභේදයට තුඩු දී ඇති වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මෙන්ම ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට ඊයේ (18 වැනිදා) පැවසීය.
මෙම කොමිෂන් සභාවට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව සඳහන් කරමින් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය බ්‍රහස්පතින්දා ( 15 වැනිදා) මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි විවේචනයක් කළේය.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවැසේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති