අද වන විට ශ්‍රී ලංකාව මහා අරාජික තත්ත්වයකට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ නිසා ගම සමග පිළිසඳර සෙල්ලම නතර කරන්නැයි ජනාධිපති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපතිතුමා එවන් බාල බොළඳ වැඩ නොකළ යුතු බවද කී මන්ත්‍රීවරයා ගම සමග පිළිසඳර සිදු කිරීමට ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400ක් රට පුරා සිටින බවද සඳහන් කළේය.
ආර්ථිකය කඩා වැටුනු, ගිනිගන්නා රටේ ඇත්ත ප්‍රශ්ණ විසදීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියේය.
නාරාහෙන්පිට අභයාරාමයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
- lanka c news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති