ඊයේ(15) දිනය තුළ දිවයින පුරා සිදුවු රිය අනතුරු හේතුවෙන් මරණ 16 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අතරින් මරණ 08ක් ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් සිදු වූ ඒවා වන අතර අනෙක් මරණයන් 08 ඊට පෙර සිදු වූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයින්ගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අනුව ගෙවී ගිය කාල සීමාව තුළ රිය අනතුරු හේතුවෙන් දිනකදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඊයේ දිනයේ වාර්තා වී තිබේ. ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් 80දෙනකු පමණ තුවාල ලබා ඇති අතර මියගිය 16 දෙනාගෙන් 12 දෙනකුම යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයකි.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති