කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම අසළ රාජකාරි කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුගහ හැතැක්ම, කොළඹ දෙසට ඇති පිවිසුමෙන් ඊයේ (13) සවස මෝටර් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී අදාළ මෝටර් රථයේ රියදුරු ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියා ඔහුව දැනුවත් කර ඇත.
අනතුරුව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියාට රථයේ රියදුරු පහරදුන් බව පැවසෙයි.
මෝටර් රථයේ රියදුරු අදාළ පොලිස් නිලධාරියාට සාපරාධී බලහත්කාරයපෑමක් සහ පහරදීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.
රියදුරු ‘ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්