පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළ ද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටී.
නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.
ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩදුරටත් මෙසේ සඳහන් වේ.
අලුත් අවුරුදු උදාව දෙස මහත් උද්යෝගයෙන් බලා සිටින කුඩා දූ දරුවන්ගේ සේම සියලු රටවැසියන්ගේ ද අපේක්ෂා සැබෑවීමකි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ සංස්කෘතික මහා මංගල්‍යයයි. රටවැසියන් එකම නැකතකට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් ලැබුවා වූ වසරේ සෞභාග්‍යය උදාවනු ඇතැයි අප සිත් සතන්හි බලවත් විශ්වාසයක් පැලපදියම්ව තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති