චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් බෙයිජිං නුවර සිටින තානාපති පාලිත කොහොන මහතාත් චීන සංවර්ධන බැංකුවත් අතර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේය. කොවිඩ් 19 තත්ත්වය හමුවේ පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතය. මෙම ඩොලර් මිලියන 500 ක ණය මුදල, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දුවූ ඩොලර් බිලියනයක ණය මුදලේ දෙවන වාරිකය වේ. එහි පළමු වාරිකය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිවිය.
චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ශ්‍රී ලංකාවට

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති