ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදේ අද(10) භූ කම්පනයක් සිදුව තිබේ.
එය රික්ටර් 6.0 පරිමාණයේ ප්‍රබලතාවකින් යුක්ත වන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාවා දිවයිනේ නැගෙනහිර මලන්ග් නගරයට කිලෝමීටර 45 ක් නිරිත දෙසින් කිලෝමීටර 82 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇත.
ඉන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර භූ කම්පනය බාලි දිවයින ඇතුලු ඉන්දුනීසියාවේ දූපත් කිහිපයකටම දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්