පොලිසියේ පිරිස් බලය වැඩි කිරීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 10,000ක් අලුතින් බඳවා ගැනෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (08 වැනිදා) රැස්වූ අවස්ථාවේදීය.
නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි ද කීය.
ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමැති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපතිවරයා කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති