ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නල්ලූර ප්‍රදේශයේදී ඉදිකෙරෙන පානිය ජල ව්‍යාපෘතියකට ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (07) මුල්ගල තැබුණා.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය රෝහිත මහතා කියා සිටියේ සිය බිරිඳට දෙවැනි දරු උපත සිදුකිරීමට ඉතාමත් ආසන්න බවත් පෞද්ගලික ජිවිතයේ කොපමණ වැඩකටයුතු තිබුනත් ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාව ඇති නිසා එම කටුයුතු පසක දමා මෙයාකාරයෙන් ගම්මාන වලට පැමිණෙන බවයි.
රජයක් ලෙස හා ජනාධිපති වරයකු ලෙස කිසිඳු වැඩක් නොකරන බවට මේවන විට මාධ්‍ය තුළින් සහ සමාජ මාධ්‍ය තුළින් සෑහෙන්න බැනුම් ඇසීමට සිදුව ඇති බවත් මෙහිදී කියා සිටියේය.
එයට ප්‍රධාන හේතුව රජයක් ලෙස ඔවුන් කරන සේවය ගම්මාන තුළ කතාබහට ලක්වුවත් රට තුළ ප්‍රසිද්ධ නොවීම බව වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්යවරයා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති