පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනා ගනු ලැබ ඇති ටීටොක් සමාගම මෙම අපනයනය සදහා හවුල් වී සිටින බව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ප්‍රධාන වශයෙන් ලංකා තේ අපනයනය කිරීමෙන් අනතුරුව විවිධාංගීකරණය වූ ටීටෝක් සමාගම දැන් නව්‍ය අගය එකතු කළ ශ්‍රී ලාංකික නිපැයුම් නිෂ්පාදනය කරන අතර, වැනිලා කරල් ආකාරයෙන් ජෝර්දාන් වෙළඳපොළට අපනයනය කිරීම ද ආරම්භ කොට ඇත.
මෙතෙක් ජෝර්දානයට ඇතුළු නොවූ ශ්‍රි ලංකා නිෂ්පාදන රැසක් ටිටොක් සමාගම හරහා ජෝර්දානයට යැවිමට අපේක්ෂිතය.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්