පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදුන් බවයි.
ප්‍රධාන හෝටල්වලට පාස්කු සමයේදී යුද හමුදා ආරක්ෂාව දෙන ලෙස ඒවායේ ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා කීය.
ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කරන බවත්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති