ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය අද සිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් දෛනිකව සේවාලාභීන් 250 දෙනෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවා.
ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලයෙන් දෛනිකව නිකුත් කෙරෙන ජාතික හැඳුනුම්පත් ප්‍රමාණය 50 ක්
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතු අතර කාර්යාල වැඩ කරන දින 10 ක් ඇතුළත තමුන්ට පැමිණිය හැකි පහසු දිනයක් සහ වේලාවක් වෙන් කළ අංකයක් ලබාගත යුතු වනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති