රියදුරු බලපත්‍රය අලුත් කිරීම සඳහා ලබාදී තිබු සහන කාලය යළි සංශෝධනය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මාර්තු මස 13 වෙනිදා සිට ජුනි මස 30 වෙනිදා අතර කාල සීමාව තුල කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදී තිබෙනවා.
ජුනි මස 30 වෙනිදා සිට සැප්තැම්බර් 30 වන දින අතර කාල සීමාවේදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි