තාක්‍ෂණ විෂය දාරාවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය ආධාර ලබාදීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්යකට අනුව රුපියල් ලක්‍ෂ 100 ක මූලික මුදලකින් ‘ප්‍රඥාාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ආරම්භ කළේය.
ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම ‘ප්‍රඥාාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතියෙන් ප්‍රථමයෙන් ශිෂ්‍යයන් 100 කට රුපියල් 1000 බැගින් මූල්‍ය දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් අරමුදලට මූල්‍ය පරිත්‍යාග කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
‘ප්‍රඥාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය අරඹයි

More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට