රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරඟාවලියට අදාළව අද පැවති තරඟයෙන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.
දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 89ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් සනත් ජයසූරිය , රංගන හේරත්, නුවන් කුලසේකර , කඩුලු දෙක බැගින් දිනද හෙලුවා.
ජයග්‍රණය උදෙසා ලකුණු 90 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණයේ ඉලක්කය පසු කළා.
නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 40කදී 4 පහර 7ක් සමගින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.
උපුල් තරංග නොදැවී ලකුණු 27යි .
සනත් ජයසූරිය ලකුණු 8යි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්